දෙමළ සන්ධානය ති‍්‍රකුණාමලයට නම් දේ. - ස්වාධීන 36ක් ඇප බඳී.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 06:28
දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් විසුරුවා හැරුණු පළාත් සභා තුන සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය නැගෙනහිර පළාත් සභාව සඳහා ති‍්‍රකුණාමල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයේදී නාම යෝජනා භාර දෙනු ලැබුවා. ඊට අමතරව එක්සත් සමාජවාදී පක්ෂය නැගෙනහිර පළාත් සභාව සඳහා ත‍්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව මැතිවරණ කාර්යාලවලදී නාම යෝජනා ලබාදී ඇති අතර, ජනසෙත පෙරමුණ අම්පාර, මඩකලපුව, රත්නපුර යන මැතිවරණ කාර්යාලවලදී නාම යෝජනා ලබාදී ඇති බව සඳහන්. ඊට අමතරව නැගෙනහිර පළාත් සභාව සඳහා මේ වන විට ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 29ක්. උතුරුමැද පළාත් සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පොළොන්නරුව මැතිවරණ කාර්යාලයේ දී නාම යෝජනා භාර දුන්නා. එම පළාත් සභාව සඳහා ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 6ක්. සබරගමු පළාත් සභාව සඳහා ලංකා කම්කරු කොංග‍්‍රසය කෑගල්ල සහ රත්නපුර මැතිවරණ කාර්යාලවලදී නාම යෝජනා ලබාදුන්නා. ඊට අමතරව ලිබරල් පක්ෂය ද සබරගමු පළාත් සභාව සඳහා රත්නපුර මැතිවරණ කාර්යාලයේ දී නාම යෝජනා ලබාදී ඇති බව සඳහන්. මේ වන විට එම පළාත් සභාව සඳහා ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 6ක්.
