වසර 5කට පසු ඉන්දු - පාකිස්තාන කි‍්‍රකට් තරගාවලියක්.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 06:32
වසර 05කට පසු ප‍්‍රථම වරට පාකිස්තානය සමග කි‍්‍රකට් තරගාවලියකට සහභාගිවීමට ඉන්දියාව එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් සහ ජනවාරි මාස වලදී පාකිස්තාන පිළ ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇති. එහිදී ඉන්දියාව සහ පාකිස්තානය අතර එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 2ක් පැවැත්වීමට නියමිතයි. ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ක‍්‍රියාකාරී කමිටුව අද (16) පැවැති රැස්වීමකදී මෙම තීරණයට එළඹි බව ඉන්දීය පාලක මණ්ඩලයේ උප සභාපති රජිව් ෂුක්ලා ප‍්‍රකාශ කළා. ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට කි‍්‍රකට් තරගාවලියක් පැවැත්වුණේ 2007 වසරේදීයි.
