ඕස්ටේ‍්‍රලියාවට යන්න හැදූ තවත් 88 ක් අල්ලයි.
2012 ජූලි 16 සඳුදා- පස්වරු 06:39
කුච්චවේලි සිට නීති විරෝධී ලෙස ධීවර යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයින් 61 දෙනෙකු ත‍්‍රිකුණාමලය නැගෙනහිර මුහුදු තීරයේ දී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය කියා සිටියේ ති‍්‍රකුණාමලය මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 40ක් පමණ ඈත මුහුදේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් මඩකලපුව, ති‍්‍රකුණාමලය, මීගමුව, පොතුවිල් ප‍්‍රදේශවල පදිංචිකරුවන්. පසුගිය සතියේ සිට මෙලෙස නීති විරෝධී අයුරින් ඕස්ටේ‍්‍රලියාවට යාමට උත්සාහ කළ අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් 4 වන යාත‍්‍රාව මෙයයි.
මේ අතර, ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් 27 දෙනෙකු රැගත් යාත‍්‍රාවක් ඕස්ටේ‍්‍රලියාවට අයත් කොකෝස් දිවයින් වෙත අද (16) රැගෙන විත් තිබෙනවා. ඕස්ටේ‍්‍රලියානු වෙරළාරක්ෂකයින් විසින් ඉන්දීය සාගරයේ දී ඊයේ (15) අත්අඩංගුවට ගැණුනු වෙළෙද නෞකාවක මෙම සංක‍්‍රමණිකයින් පිරිස සිටි බවයි එරට පුවත්පත් වාර්තා කළේ.
