කරුණානිධිගෙන් දෙමළ සන්ධානයට ආරාධනයක්.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 07:44
දෙමළ ඊළමක් සඳහා වූ ටෙසෝ සමුළුවට පැමිණෙන ලෙස තමිල්නාඩු හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධි දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර තිබෙනවා. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ පක්ෂ ලේකම්, මාවෙයි සේනාධිරාජාට මෙලෙස මෙම සමුළුව සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මෙම ආරාධනාව සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ දිනවල පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු සිදුවන බැවින් එය අවසන් කර මෙම ආරාධනාව පිළිබද අවධානය යොමු කරන බවයි. ටෙසෝ සමුළුව අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.
