ජා.නි.පෙ. නැගෙනහිරට තනිව තරග කිරීමේ සූදානමක්.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 07:51
නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා ජාතික නිදහස් පෙරමුණ පංචායුධය ලකුණ යටතේ තරග කිරීමට සූදානම් වනවා. ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ හිරු ප‍්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ තම පෙරමුණේ ති‍්‍රකුණාමල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත විජේසේකරට නැගෙනහිර පළාත් සභාව සඳහා සන්ධාන අපේක්ෂකත්වය නොලැබුණහොත් මෙලෙස තනිව තරග කිරීමට සූදානම් වන බවයි. මේ සම්බන්ධයෙන් පක්ෂයේ සාකච්ඡාවක් ඊයේ (16) පැවැති බව ද ඔහු කියා සිටියා.
