එස්.එල්.පී.එල්. අගෝස්තු 11 ඇරඹේ.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 08:18
ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස සමාරම්භක තරගාවලිය දියත් කිරීම ඊයේ (16) සිදුකෙරුණා. අගෝස්තු 11 වැනිදා සිට ආර්. පේ‍්‍රමදාස පිටියේ දී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගනවලදී තරගාවලිය පැවැත්වෙනු ඇති. ඇමරිකානු ඩොලර් මිලියන 4.33ක සාමාන්‍ය අගයකින් යුත් කලාප 7ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා එක් එක් කලාපයට ප‍්‍රධාන ක‍්‍රීඩකයෙකු නම් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තිලකරත්න ඩිල්ශාන් විසින් නියෝජනය කරන අතර, කඳුරටට කුමාර් සංගක්කාරත්, නැගෙනහිර පළාත ඇන්ජලෝ මැතිව්ස් සහ රුහුණ ලසිත් මාලිංග විසින් නියෝජනය කරනු ඇති. උතුරු පළාතට මුත්තයියා මුරලිදරන් ඌව පළාතට කොදෙව් ක‍්‍රීඩක කි‍්‍රස් ගේ‍්‍රල් සහ වයඹ පළාතට මහේල ජයවර්ධන ප‍්‍රධාන ක‍්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා. සෑම කලාපයක්ම ක‍්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 12 දෙනෙකු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් සහ 6 දෙනෙකු විදේශීය ක‍්‍රීඩකයන් වනවා. එස්.එල්.පී.එල්. තරගාවලිය හදුන්වාදීම සදහා ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ වයඹ කණ්ඩායමේ සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නායක මහේල ජයවර්ධන කියා සිටියේ මෙය ශ‍්‍රී ලාංකික යොවුන් ක‍්‍රීඩකයන්ට මහගු අවස්ථාවක් වනු ඇති බවයි. මෙම මාධ්‍ය හමුවේදී තරගාවලියට ඉන්දීය ක‍්‍රීඩකයන් ඇතුළත් නොවීම නිසා සිදුවන ආර්ථික පාඩුව පිළිබද මෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ කොන්ත‍්‍රාත්තු පිළිබදව ද ප‍්‍රශ්න යොමු වුණා. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස කියා සිටියේ ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් තැබීම මේ මස අවසන් වීමට ප‍්‍රථම නිමා කරන බවයි.
