හිලරිගෙන් ඉරානයට අනතුරු ඇගවීමක්.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 08:21
ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීම වැළැක්වීම සඳහා ඇමරිකාව සතු සියලූ බලය යොදා ගන්නා බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (16) අනතුරු ඇගවීමක් කළා. ඊශ‍්‍රායලයේ සංචාරයක නිරත වෙමින් ඇය කියා සිටියේ අර්බුදය විසදීම සඳහා ඉරානය මෙතෙක් කි‍්‍රයාකාරී ප‍්‍රතිචාරයක් පළ කර නොමැති බවයි. ඊශ‍්‍රායල ජනාධිපති ෂිමෝන් පෙරේස් සහ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මුණ ගැසීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඇය තවදුරටත් සඳහන් කළේ ඉරාන න්‍යෂ්ටික අර්බුදයට රාජතාන්ත‍්‍රික විසදුමක් ලබා ගැනීම සියලූ දෙනාගේ අපේක්ෂාව බවයි. ඒ සඳහා නිවැරදි තීරණ ගැනීමේ අවස්ථාව ඉරානයට තවදුරටත් පවතින බව ඇය සදහන් කළා.
