ක්ලීන්ටස් මෙන්ඩිස් පරපුර ගැන කතා කරයි.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 09:04
ප‍්‍රවීන රංගන ශිල්පී ක්ලින්ටස් මෙන්ඩිස් අද සිය උපන් දිනය සමරනවා. උපන් දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි ඇහුවා ඔහු හා හා පුරා කියලා අධ්‍යක්ෂණය කරන පරපුර කියන චිත‍්‍රපටිය ගැන. ඔහු කිව්වේ මේ වන කොට චිත‍්‍රපටයේ රූගත කිරීම් සහ හඩ කැවීම් ඉවරයි කියලා. දැන් තියෙන්නේ සංගීතේ පැත්තේ වැඩ කියලත් ඔහු කියනවා. කොහොම වුණත් මේ චිත‍්‍රපටය මේ අවුරුද්දේ අන්තිම වෙනකොට පේ‍්‍රක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකි වෙයි කියලයි ක්ලින්ටස් මෙන්ඩිස් අපේක්ෂා කරන්නේ.
