ගෙවල් බිඳ අනාචාරයේ හැසිරුණු දෙදෙනෙකු අත්අඩංගුවට.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 10:12
දඹුල්ල ප‍්‍රදේශයේ ගෙවල් බිඳ සොරා ගන්නා මුදල් වලින් අනාචාරයේ හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් දෙදෙනාගේ වයස 27ක් සහ 21ක් වන බව සඳහන්. සැකකරුවන් බකමූණ සහ ඇලහැර ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් නිවෙස් බිඳ සොරා ගන්නා මුදල් සහ රන් භාණ්ඩ විකුණා එම මුදල් කාන්තාවන් සඳහා වියදම් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් ළග තිබී ජංගම දුරකථන 6ක්, කැමරාවක්, රන් භාණ්ඩ උකස් කරන ලද කුවිතාන්සි සහ සිම් කාඞ් පත් කිහිපයක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.
