Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E2%80%98%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E2%80%99+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%AD.
Tuesday, 17 July 2012 - 13:10
ඇමරිකාවේ ‘කුතුහලය’ අඟහරු වෙත.
6

Shares
753

Views

වසර දෙකක් තිස්සේ දීර්ඝ අභ්‍යාවකාශ චාරිකාවක නිරත වෙමින් රතු ග්‍රහයා වෙත ළගා වන ඇමරිකානු නාසා ආයතනයේ කියුරියෝසිටි නොහොත් ‘කුතුහලය’ අභ්‍යාවකාශ යානය ඉදිරි සති දෙක තුළ අගහරු වෙත ගොඩබසිනු ඇතැයි වාර්තා වනවා. මෝටර් රථයක් තරම් වන මෙම අභ්‍යාවකාශ යානය අඟහරු මතදී රොබෝ යන්ත්‍ර යොදාගෙන ගවේෂණවල නිරත වනු ඇති. මෙම විශේෂිත අභ්‍යාවකාශ යානය නිපදවීම සදහා නාසා ආයතනය වැය කළ මුදල ඩොලර් බිලියන 2.5ක්. පසුගිය 2011 වසරේ නොවැම්බරයේදී කැනවරල් තුඩුවෙන් නික්මුණු කියුරියෝසිටි ගගන යානය අගහරුගේ ෂාප් කදු මුදුන අසල පිහිටි ගේල් ආවාටයට ගොඩබසිනු ඇත්තේ අගෝස්තු 6 වැනිදායි. ටොන් එකක් බරැති ඇමරිකානු ගගන යානය අගහරු වෙත ළගා වන්නේ සැතපුම් මිලියන 354ක් ගෙවමින්. අඟහරු යානය ගලක් මෙන් ඒ මත කඩා වැටෙනු වෙනුවට දැවැන්ත පැරිෂූටයක් මගින් වේගය අඩාල කොට ගොඩබැස්සවීමටයි පියවර ගෙන ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
1,832 Views
3,958 Views
2,701 Views
2,446 Views
2,833 Views
48,234 Views
Top