වික්ටර් රත්නායකයන් ‘ස’ ගැන කතා කරයි.
2012 ජූලි 18 බදාදා- පෙරවරු 08:19
ජූලි මස 20 වැනිදා ලූම්බිණි රගහලේ දී ප‍්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ ‘ස’ ප‍්‍රසංගය නිමාවට පත්වනවා. මේ තරම් රසික ප‍්‍රතිචාර ලැබෙද්දි ඇයි මේ ප‍්‍රසංගය නතර කරන්නේ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ තමාට තාමත් ගීතයක් ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියලයි. වික්ටර් රත්නායකයන්ට දැන් වයස අවුරුදු 71ක්. වසර 39ක් පුරා ඔහු ගෙනාපු ප‍්‍රාසාංගික ගෞරවය සහ ශිල්පීය ගෞරවය රැුක ගන්න නම් මේ ප‍්‍රසංගය විශාල ඉල්ලූමක් තියෙන අවස්ථාවක නතර කරන්න ඕනි කියලයි වික්ටර් රත්නායකයන් කියන්නේ. නැත්නම් රසික රසිකාවියන්ගේ අනුකම්පාවට තමන් ලක්වනවා කියලත් ඔහු කියනවා.
