Hirunews Logo
%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.
Wednesday, 18 July 2012 - 12:35
මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරට තනිව එයි.
16

Shares
1,990

Views

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාත් සභාව සඳහා තනිව තරග කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවලට ආණ්ඩුව සමග එක්ව තරග වැදීමට අද (18) පෙරවරුවේ පැවති උත්තරීතර මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බවයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට සහ අම්පාර දිස්ත්‍රික්කයට සන්ධාන ලැයිස්තුවේ ලබාදෙන අපේක්ෂක ධුර ගණන පිළිබඳව ඇතිවු ගැටළුව මෙලෙස මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරට තනිව තරග කිරීමට හේතු වී තිබෙනවා. සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය අතර ඇතිකරගත් එකඟතාවය අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂක ධුර 03 ක්ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂක ධුර 06 ක්ද මුස්ලිම් කොංග්‍රසය වෙත ලබාදීමට නියමිතව තිබුණා. එහෙත් සන්ධානයෙන් තරග කරන තවත් පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණද අපේක්ෂක ධුර ඉල්ලා සිටීම මගින් මුස්ලිම් කොංග්‍රසයට ලබාදීමට නියමිතව තිබූ අපේක්ෂක ධුර අඩුකිරීමටයි සැලසුම් කර තිබුණේ. එම තත්ත්වයත් සමගයි මුස්ලිම් කොංග්‍රසය නැගෙනහිරට තනිව තරග කිරීමට තීරණය කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
168 Views
2,609 Views
3,650 Views
5,176 Views
15,873 Views
56,262 Views
Top