Hirunews Logo
%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7.+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.
Thursday, 19 July 2012 - 7:31
දයා ගමගේ නැගෙනහිරට. සබරගමුව, උතුරුමැද විවෘතයි.
39

Shares
4,692

Views

මෙවර පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභා මහ ඇමති අපේක්ෂක ලෙස හිටපු නැගෙනහිර පළාත් විපක්ෂ නායක දයා ගමගේ පත් කිරීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම සබරගමු සහ උතුරුමැද පළාත් සභා සඳහා මහ ඇමති අපේක්ෂකයන් නම් නොකිරීමට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

 

මේ අතර පළාත් සභා මැතිවරණය අධීක්ෂණ කටයුතු සඳහා විශේෂ සිව් පුද්ගල කමිටුවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, සභාපති ජයවික්‍රම පෙරේරා සහ මහලේකම් තිස්ස අත්තනායක එහි සාමාජිකයින්. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙම අධීක්ෂණ කමිටු හරහා නිරීක්ෂනයට ලක්වන අතර පක්ෂ සාමාජිකයින් මැතිවරණයකදී නිසියාකාරයෙන් මෙහෙයවීම එහි අරමුණ බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද කැඳවා තිබෙනවා. එහිදී මැතිවරණයට අදාල තීරණ කීපයකට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top