ඉන්දීය ජනාධිපතිවරණය ඇරැඹෙයි.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පස්වරු 12:56
ඉන්දීය ජනාධිපතිවරණය අද උදෑසන එරට පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මෙවර ජනපති සටන සඳහා පාලක කොංග‍්‍රස් පක්ෂය නියෝජනය කරමින් හිටපු මුදල් ඇමති ප‍්‍රනාබ් මුකර්ජී ද, ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් හිටපු ලෝක් සභා කථානායකවරයෙකු වන පී. ඒ. සංග්මා තරඟ වදිනු ඇති. ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 777 දෙනෙක්ගෙන් සහ ප‍්‍රාන්ත මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයින් 4120කගේ ඡුන්දයෙන් එරට ජනාධිපති තෝරාගැනීම සිදුවනවා. අද ජනාධිපති තෝරාගැනීමේ ඡුන්දය පැවැත්වෙන අතර ඡුන්දය ගණන් කිරීම ඉරිදා සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
