දැන් බාධාවක් නෑ. විජේදාස රාජපක්ෂ කියයි.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පස්වරු 12:58
විහාර දේවාලගම් පනත් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැන් කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යවරයාද වන අග‍්‍රාමාත්‍යවරයා වෙත ඊයේ යොමුකළ ලිපිය පිළිබඳ අදහස් දක්වමින්. මෙම විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතේ භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම වැළැක්වීම පිළිබඳව කරුණු අඩංගු වන බවයි ඔහු පැවසුවේ. මන්ත‍්‍රීවරයා පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තුවට පැමිණීම නුසුදුසු බවට වන පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක්ද පාර්ලිමේින්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මහා නායක හිමිවරුන්ගේ ලිපිය පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය ඔහු සමග දුරකථන සංවාදයක නිරතවුණා.
