සිරියානු ජනපති ගැන තොරතුරක් නැහැ.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පස්වරු 07:03
සිරියාවේ ආණ්ඩු විරෝධි කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර පවතින ගැටුම් මේ වන විට උත්සන්න වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස ගැටුම් උත්සන්න වීමත් සමඟ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පිළිබඳව තොරතුරු නොමැති බවයි. ඊයේ සිද්ධියෙන් පසු ඔහු මෙතෙක් ජනතාව ඉදිරියට පැමිණ නොමැති බව ද එම වාර්තා සඳහන් කළා. සිරියාවේ බොහෝ ප‍්‍රදේශවල ඊයේ රාත‍්‍රියේ සිට ගැටුම් උත්සන්න වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ ඩැමස්කස් අගනුවර ආරක්ෂක අමාත්‍යාංශයට එල්ල වූ ප‍්‍රහාරයෙන් ආරක්ෂක ඇමතිවරයා ඇතුළු රජයේ ප‍්‍රබලයන් තුන්දෙනෙකු මියගියා. විදෙස් වාර්තා සඳහන් කළේ ගැටුම්වලදී මියගිය පුද්ගලයින් අතර ජනාධිපති බෂාර් අල් අසාද්ගේ මස්සිනා ද වන බවයි.
