බි‍්‍රතාන්‍යයේ දේශසීමාව රකින්නන් වැඩ වැරුමකට සැරසෙයි.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 07:53
ලන්ඩන් ඔලිම්පික් උළෙලට පැය 24 ක් තිබියදී වර්ජනයකට එළඹීමට බි‍්‍රතාන්‍යයේ දේශසීමා ආරක්ෂකයන් ඇතුළු එරට ස්වදේශ කටයුතු කාර්ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ලබන බ‍්‍රහස්පතින්දා පැය 24 ක වර්ජනයක නිරත වීමටයි බි‍්‍රතාන්‍ය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත්තේ. සාමාජිකයන් දෙලක්ෂ පනස් දහසක් සහිත එය බි‍්‍රතාන්‍යයේ විශාලතම රාජ්‍ය සේවා වෘත්තීය සමිතියයි. සාමාජිකයන් අතර ඊයේ පැවති ඡුන්ද විමසීමකදී වර්ජනය සඳහා සියයට 57 යි දශම 2 ක් සහය පළ කළ බව වෘත්තීය සමිති නායකත්වය කියා සිටියා. එහෙත්, ඡුන්දය ප‍්‍රකාශ කර ඇත්තේ සාමාජික සංඛ්‍යාවෙන් සියයට 20 ක් පමණයි. මෙම වර්ජනය බි‍්‍රතාන්‍ය සංක‍්‍රමණික අමාත්‍යවරයා මෙන්ම ලන්ඩන් නගරාධිපතිවරයා ද හෙළා දැක තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අඩු සාමාජික පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කිරිමෙන් මෙම වර්ජනය බහුතර සාමාජිකත්වය විසින් අනුමත කර නොමැති බවයි. එමෙන්ම, අමතර කාර්යය මණ්ඩල පුහුණු කර ඇති නිසා ඔලිම්පික් උළෙල සඳහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන දහස් සංඛ්‍යාත විදේශිකයන්ට සේවා සැලසීමට හැකිවනු ඇති බවට ද බි‍්‍රතාන්‍ය රජය විශ්වාසය පළ කළා.
