Hirunews Logo
%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Friday, 20 July 2012 - 7:53
බ්‍රිතාන්‍යයේ දේශසීමාව රකින්නන් වැඩ වැරුමකට සැරසෙයි.
4

Shares
570

Views

ලන්ඩන් ඔලිම්පික් උළෙලට පැය 24 ක් තිබියදී වර්ජනයකට එළඹීමට බ්‍රිතාන්‍යයේ දේශසීමා ආරක්ෂකයන් ඇතුළු එරට ස්වදේශ කටයුතු කාර්ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ලබන බ්‍රහස්පතින්දා පැය 24 ක වර්ජනයක නිරත වීමටයි බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත්තේ. සාමාජිකයන් දෙලක්ෂ පනස් දහසක් සහිත එය බ්‍රිතාන්‍යයේ විශාලතම රාජ්‍ය සේවා වෘත්තීය සමිතියයි. සාමාජිකයන් අතර ඊයේ පැවති ඡුන්ද විමසීමකදී වර්ජනය සඳහා සියයට 57 යි දශම 2 ක් සහය පළ කළ බව වෘත්තීය සමිති නායකත්වය කියා සිටියා. එහෙත්, ඡුන්දය ප්‍රකාශ කර ඇත්තේ සාමාජික සංඛ්‍යාවෙන් සියයට 20 ක් පමණයි. මෙම වර්ජනය බ්‍රිතාන්‍ය සංක්‍රමණික අමාත්‍යවරයා මෙන්ම ලන්ඩන් නගරාධිපතිවරයා ද හෙළා දැක තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අඩු සාමාජික පිරිසක් ඡුන්දය ප්‍රකාශ කිරිමෙන් මෙම වර්ජනය බහුතර සාමාජිකත්වය විසින් අනුමත කර නොමැති බවයි. එමෙන්ම, අමතර කාර්යය මණ්ඩල පුහුණු කර ඇති නිසා ඔලිම්පික් උළෙල සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙන දහස් සංඛ්‍යාත විදේශිකයන්ට සේවා සැලසීමට හැකිවනු ඇති බවට ද බ්‍රිතාන්‍ය රජය විශ්වාසය පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top