2012 දී තේ මිලියන 325 kg ක ඉලක්කයක්.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 07:56
ශ‍්‍රී ලංකාව මේ වසරේදී කිලෝග්රෑම් මිලියන 325 ක තේ නිෂ්පාදනයක් අපේක්ෂා කරනවා. එහෙත් එය අපේක්ෂිත ඉලක්කයට වඩා අඩු අගයක් බවයි ක්ෂේත‍්‍රයේ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට තේ නිෂ්පාදනය සියයට 4 යි දශම 3 කින් පහත වැටුණා. ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ මෙම තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 163 යි දශම 2 යි 6 ක් පමණයි. ජුනි මාසයේ තේ නිෂ්පාදනයේ පහත වැටීම සියයට 13 යි දශම 2 ක්. කාලගුණ හේතුන් මෙරට තේ නිෂ්පාදනය අඩාල වීමට ප‍්‍රධාන හේතුවක්.
