මෙදා බොක්සිං දින තරගයට ලංකාවත්.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 08:05
ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කණ්ඩායම වසරේදී මුහුණදෙන වඩාත්ම අවධානය යොමු වූ කි‍්‍රකට් තරගය වන්නේ නත්තල් දිනට පසුදා එනම්, බොක්සිං දිනයේදී මෙල්බර්න් ක‍්‍රීඩාංගනයේ ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයයි. මේ වසරේ බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා ශ‍්‍රී ලංකා පිලට ආරාධනය කිරීමටයි ඔස්ටේ‍්‍රලියාව තීරණය කර ඇත්තේ. ඔස්ටේ‍්‍රලියාවේ මීළඟ කි‍්‍රකට් වාරයේ තරඟ සටහන ඊයේ ප‍්‍රකාශයට පත් වූ අතර, ඒ අනුව ශ‍්‍රී ලංකාව ඔස්ටේ‍්‍රලියාව සමඟ සිඞ්නි ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේදී ලබන ජනවාරි 26 වැනිදා විස්සයි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතයි. ජනවාරි 26 වැනිදා ඔස්ටේ‍්‍රලියානු දිනය ලෙස නම් කර ඇති අතර එදින සාම්ප‍්‍රදායික ලෙස ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගනයේදී ඔස්ටේ‍්‍රලියානු පිල ක‍්‍රිකට් තරගයකට මුහුණ දෙනවා. ශ‍්‍රී ලංකා පිල සමඟ සිඞ්නි ඔලිම්ිපික් ක‍්‍රීඩාංගනයේ තරග කිරිම සඳහා ඔස්ටේ‍්‍රලියාව එම ක‍්‍රීඩාංගනය මඟ හැර ඇත්තේ දශකයකට පසුව ප‍්‍රථම වතාවටයි. එමෙන්ම, මෙවර ක‍්‍රිකට් වාරයේදී දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව සමඟ වසර 49 කට පසු ගැබා ක‍්‍රීඩාංගනයේදී ටෙස්ට් තරගයකට මුහුණ දෙනවා.
