ශ‍්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම අඟහරුවාදා නික්මේ.
2012 ජූලි 20 සිකුරාදා- පෙරවරු 09:19
ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්නගේ ප‍්‍රධානත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන අ`ගහරුවාදා දිවයිනෙන් නික්මෙනවා. 30 වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය සඳහා ඍජුව සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයන් 4 දෙනෙකු ද ඊට ඇතුළත්. මැරතන් ක‍්‍රීඩක අනුරුද්ධ ඉන්ද්‍රජිත් කුරේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රවීණතම ක‍්‍රීඩකයා වන අතර ඔහු 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලට ද සහභාගි වී තිබෙනවා. බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිලිණි ජයසිංහ සහ ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගල සමරකෝන් ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඍජුව සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයන්. වයිල්ඞ් කාඞ් ක‍්‍රමයට තෝරා ගත් තවත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුන් දෙනෙකු ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වනවා. ඒ කඩුලූ පැනීමේ ක‍්‍රීඩක සොනාලි ක‍්‍රිස්ටීන් මෙරිල් සහ පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන හේෂාන් උනම්බුව සහ ප්‍රෙෂිකා උඩුගම්පලයි.
