ශ‍්‍රී ලංකා සංචාරය ඉන්දීය පුහුණුකරුටත් වැදගත්.
2012 ජූලි 20 සිකුරාදා- පස්වරු 01:38
ශ‍්‍රී ලංකා සංචාරයේදී දස්කම් දැක්වීමට අපොහොසත් වුවහොත් ඉන්දීය කි‍්‍රකට් පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර්ට සිය තනතුර අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙනවා. පසුගිය එංගලන්ත සහ ඔස්ටේ‍්‍රලියානු සංචාරවලදී ඉන්දීය පිල දස්කම් දැක්වීමට අපොහොසත් වුණා. පසුගිය ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් අනතුරුව හිටපු පුහුණුකරු ගැරී කර්ස්ටන් තනතුරෙන් ඉවත්වීමත් සමඟයි ඩන්කන් ෆ්ලෙචර් ඉන්දීය පුහුණුකරු බවට පත්වූයේ. ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන්.සිරිනිවාසන් ඉන්දීය ක‍්‍රිකට් පිලේ වත්මන් තත්්ත්වය පිළිබඳව පුහුණුකරු ෆ්ලෙචර් සමඟ සාකච්ඡාවක ද නිරත වී ඇති බව සඳහන්. එය ඔහු වෙත සිදුකළ අනතුරු ඇඟවීමක් ලෙසයි ඇතමුන් හඳුවන්නේ. ශ‍්‍රී ලංකා සංචාරයේදී එක්දින තරගාවලියෙන් ජයගතහොත් ඉන්දීය පිලට නැවතත් ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලන එක්දින දර්ශකයේ ප‍්‍රමුඛ ස්ථානය හිමිකර ගත හැකිවනවා. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය හෙට හම්බන්තොටදී පැවැත්වෙනවා.
