මහබැංකු අධිපතිවරයාගෙන් අනාවැකියක්.
2012 ජූලි 20 සිකුරාදා- පස්වරු 01:43
මේ වසර අවසාන වනවිට රුපියලේ අගය ස්ථාවර වනු ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසනවා. ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට ආනයනික වියදම් දැන් සමනය වෙමින් පවතින බවයි. ආර්ථික වර්ධනය ලබන වසර මුලදී නව ජිවයක් ලබනු ඇති බවට ද මහබැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා. මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය වර්ධනය වීමත් සමඟ විනිමය පාලනය සඳහා මැදිහත්වීම අවම කිරීමට ද මහබැංකුව පියවර ගත්තා. 2012 වසර ආරම්භයේ සිට රුපියලේ අගය සියයට 16 කින් පහත වැටී ඇති අතර අවප‍්‍රමාණය කරනු ලැබූ සියයට 3 ක අගය ද ඊට ඇතුළත්. ආනයනික ඉල්ලූම අඩුවීමත් සමඟ රුපියලේ අගය ශක්තිමත් වනු ඇති බව මහබැංකු අධිපතිවරයාගේ අදහසයි. මේ අතර අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 133 සිට 132 යි ශත 10 සිට 30 දක්වා පහත වැටී තිබෙනවා.
