රට ගිය වෛද්‍යවරුන් කඩිනමින් දිවයිනට.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 07:19
විදේශගතව සිටින ශ‍්‍රී ලාංකික වෛද්‍යවරු නැවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. මේ වනවිට මෙරට වෛද්‍යවරුන් 15,000කගේ පමණ හිඟයක් තිබෙන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. එසේ වුවත් සෑම වසරකම සීමාවාසික පත්වීම් ලබන වෛද්‍යවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් විදේශගතවීම නිසා මෙම ගැටළුව විසදා ගැනීමට හැකියාව ලැබී නැහැ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියම් ලෙස විදේශගතව සිටින ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වෛද්‍යවරුන් මෙරටට පැමිණෙන්නේ නම් අවශ්‍ය සියලූ පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂයෙන් මේ වනවිටත් මෙරට බොහෝ ග‍්‍රාමීය රෝහල්වල වෛද්‍යවරු නොමැතිවීම හේතුවෙන් ප‍්‍රතිකාර කටයුතු සිදුකළ නොහැකි තත්ත්වයක් පවතින බව එම අමාත්‍යාංශය තවදුරටත් ප‍්‍රකාශ කළා.
