අයි.එම්.එෆ්. අවසන් වාරිකයත් අනුමතයි.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 07:25
ශ‍්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 8 වැනි සහ අවසන් වාරිකයට අනුමැතිය ලබාදුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කළා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 415ක මුදලක් අවසන් සහ 8 වැනි වාරිකය ලෙස ශ‍්‍රී ලංකාවට හිමිවනු ඇති. මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට ලබාදුන් සම්පූර්ණ ණය මුදල ඩොලර් බිලියන 2.6ක්. වොෂින්ටනයේ ඊයේ (20) පැවති මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි ඒ පිළිබදව අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ. ණය මුදල නිදහස් කරමින් මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය දිගු කාලීනව යහපත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
