ඉන්දු - ශ‍්‍රී ලංකා එක්දින තරගය අද.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 07:28
සංචාරක ඉන්දීය කි‍්‍රකට් පිළ සහ ශ‍්‍රී ලංකාව අතර, පළමු එක්දින තරගය හම්බන්තොට - සූරියවැව - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ දී අද (21) පැවැත්වෙනවා. එය දිවා රාත‍්‍රී තරගයක්. පාකිස්තානය සමග පැවැති කි‍්‍රකට් තරගාවලියේ දී දස්කම් දැක්වූ ශ‍්‍රී ලංකා පිළ මෙම එක්දින තරගාවලියට මුහුණ දෙනු ඇත්තේ ආත්ම විශ්වාසයකින්. සූරියවැව ක‍්‍රීඩාංගණයේ ඉන්දීය පිළ සහභාගි වන ප‍්‍රථම තරගය මෙයයි. ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වූ ඉන්දීය පිළේ වෙනස්කම් රැසක් දැන් සිදුකර ඇති අතර, සහීර් ඛාන් සහ උමේෂ් යාදව් ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ බල ඇණිය නියෝජනය කරනු ඇති. ශ‍්‍රී ලංකා පිළ පසුගිය අගෝස්තු මාසයේ සිට අඛණ්ඩව කි‍්‍රකට් තරගවලට සහභාගි වන අතර, ඉන්දියාව තරගාවලියට එක්වන්නේ සති 6ක විරාමයකින් අනතුරුවයි. මෙම තරගාවලියෙන් පසුව ද ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන්ට එස්.එල්.පී.එල්. තරගාවලියට මෙන්ම ඉන් අනතුරුව පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සිදුවනවා. ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ශ‍්‍රී ලංකා පිළේ පිතිකරු අනුපිලිවෙලේ වෙනසක් සිදුවිය හැකි බවයි ක‍්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
