බැට්මෑන් තුවක්කුකරුගේ නිවසේ මර උඟුල්.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 07:39
ඇමරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ අවුරෝරා හි සිනමා රසිකයන් සංත‍්‍රාසයට පත් කළ තුවක්කුකරුගේ නිවසට ඇතුළුවීම ඇමරිකානු පොලීසියට අභියෝගයක් වී තිබෙනවා. එය වටා මර උඟුල් යොදා ඇති බව පොලීසියට භාර වූ ජේම්ස් හෝම්ස් නැමැති 24 හැවිරිදි තුවක්කුකරු පැවසීම ඊට හේතුවයි. බැට්බෑන් චිත‍්‍රපට මාලාවේ නවතම චිත‍්‍රපටය වන බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් චිත‍්‍රපටයේ මංගල දර්ශනයට කඩා වැදුණු ඔහු සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. හිසේ සිට පාදාන්තය දක්වා ආවරණය කර ගත් තුවක්කුකරු මංගල දර්ශනය පැවති ඇමරිකාවේ - ඩෙන්වර්හි සිනමා ශාලාවට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකළේ ඒ.ආර්. 15 වර්ගයේ රයිෆලයක්, බෝර 12 තුවක්කුවක් සහ දශම හතරයි බින්දුවේ අත් තුවක්කු දෙකක් උපයෝගී කරගෙනයි. බැට්මෑන් නව චිත‍්‍රපටයේ මංගල දර්ශනයට පැමිණි ඇතැම් රසිකයන් මෙන් ජේම්ස් හෝම්ස් ද සිය හිසකෙස් රතු පැහැ ගන්වා සිටි අතර, පොලීසියට පවසා ඇත්තේ තමන් විහිලූකාරයෙකු බවයි. මොහු මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තනිවම බවට සහතික යැයි කොලරාඩෝ පොලීසිය සදහන් කළා.
