ප‍්‍රදේශ කිහිපයකට පැය 12ක් ජලය අත්හිටුවයි.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 08:15
කළුගඟ ව්‍යාපෘතිය යටතේ නව ජල නළ එළීමක් හේතුවෙන් අද (21) පස්වරු 8 සිට හෙට (22) පෙරවරු 8 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය මණ්ඩලය පවසනවා. මාළිගාවත්ත පාර, පංචිකාවත්ත පාරේ කොටසක්, අභයසිංහාරාම පාර මං සන්ධියේ සිට ජේතවන පාර මං සන්ධිය දක්වා, මිරානියා වීදිය, පැරඩයිස් පෙදෙස යන ප‍්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව ඕල්ඞ් මුවර් වීදිය, ප‍්‍රින්සස් ගේට්, එම්.ජේ. ලෆීර් මාවත සහ සිල්වර් ස්මිත් මාර්ගය මෙලෙස ජල සැපයුම අත්හිටුවන තවත් ප‍්‍රදේශ කිහිපයක්.
