ඇමරිකානු අල් කයිඩා ත‍්‍රස්තයෙක් අත්අඩංගුවට.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 09:42
තමන් විසින් සකස් කරන ලද ගුවන් යානා ආකෘතියක් උපයෝගී කරගෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අල් කයිඩා හිතවාදී ඇමරිකානුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෙස්මාන් ෆෙර්ඩවුස් නැමැති 26 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් අල් කයිඩාවරුන් ලෙස වෙස් වලාගෙන සිදුකළ මෙහෙයුමකදියි. දුරස්ථ පාලකයකින් කි‍්‍රයාත්මක වන සැහැල්ලූ ගුවන් යානයක් නිර්මාණය කර ඊට පුපුරණ ද්‍රව්‍ය පුරවා ඇමරිකානු පෙන්ටගනය සහ වොෂින්ටනයේ ඉලක්ක රැසක් පුපුරුවා හැරීමටයි මොහු සැලසුම් කර ඇත්තේ. 2010 වසරේ සිට අල් කයිඩා සංවිධානයේ සහාකයෙකු ලෙස කටයුතු කර ඇති මොහුට වසර 17 සිට 35 දක්වා සිර දඩුවම් නියම වනු ඇතැයි අපේක්ෂිතයි.
