අමිතාබ්, කරීනා සමග රංගනයේ.
2012 ජූලි 21 සෙනසුරාදා- පෙරවරු 09:45
සුපිරි නළු අමිතාබ් භච්චන්, කරීනා කපූර් එක්ක රගපාන්න කැමැති වෙලා. ඒ කියන්නේ භච්චන්ලයි කපූර්ලයි අතර තිබ්බ සීතල යුද්ධය ඉවරයි කියන එක ද? අභිෂේක් භච්චන්ගෙයි, කරිෂ්මා කපූර්ගෙයි විවාහ ගිවිස ගැනීම කැඩිලා බිදිලා ගියාට පස්සෙයි මේ දෙගොල්ලෝ තරහ වුණේ. එදා ඉදලා භච්චන් පවුලේ කවුරුවත් කරිෂ්මා එක්කවත් කරීනා එක්කවත් රගපාන්න ගියේ නැහැ. ඒත් ප‍්‍රකාශ ජා ට පිංසිද්ධ වෙන්න අවුරුදු 7කට පස්සේ බිග්බි, කරීනා කපූර් එක්ක කැමරාව ඉදිරියට එනවා. ඒ චිත‍්‍රපටයේ නම සත්‍යග‍්‍රහ. කවුරු කවුරුත් තරහ මරහ අමතක කරන එක ගැන නම් අපිටත් සතුටුයි.
