බෲනායි හෙලිකොප්ටර් අනතුරකින් 10 දෙනෙකු මරුට.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 01:02
බෲනායිහි හෙලිකොප්ටර් අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. එහිදී අනතුරට ජලක්වී ඇත්තේ හමුදා පුහුණුව නිමවා නිවෙස් බලා පැමිණෙමින් සිටි හමුදා සාමාජිකයන් පිරිසක්. බෙල් - 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය බෲනායි අගනුවර, බන්දාර් - සේරි - බෙගවාන් වෙත පැමිණෙමින් සිටින විටයි අනතුරට ලක්වූයේ. අනතුරෙන් තව දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු අතුරුදන්වී සිටිනවා. හෙලිකොප්ටර් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
