විදෙස් ගතව සිට පැමිණෙන කාන්තාවන්ගේ ආර්ථික ඵලදායිතාවය සොයයි.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 03:05
විදේශ ගතවන කාන්තා ශ‍්‍රමිකයන් යළි සියරට පැමිණීමෙන් පසු ඔවුන් සතු ආර්ථික ඵලදායිතාවය පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සූදානම් බව ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. විදේශ ගතවන බොහෝ කාන්තාවන් ඉන් වැඩි ප‍්‍රයෝජන ලබා නොගන්නා අතර ඔවුන්ගේ දරුවන් ද විවිධ අපචාර සහ අපයෝජන කටයුතුවලට සම්බන්ධවීමේ සිද්ධීන් වාර්තා වනවා. එම නිසා දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් මේ පිළිබඳ සමීක්ෂණයක් සිදුකර කාන්තාවන් විදේශ ගතවීම කෙරෙහි විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම අමාත්‍යාංශයේ අරමුණයි.
