අනුරාධපුරයේ කුළුණක 5 දෙනෙකු උපවාසයේ.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 04:46
පොරොන්දු වූ පරිදි තමන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින් අනුරාධපුරයේ රැකියා විරහිත තරුණ පිරිසක් මේ වන විට උපවාසයක නිරත වනවා. අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි සංඥා කුළුණක නැගී ඉන් පස් දෙනෙකු උපවාසයේ නිරත වන අතර තවත් 30 දෙනෙකු පමණ එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප‍්‍රකාශ කළේ. දැයට කිරුළ ප‍්‍රදර්ශනය පැවති සමයේ තාවකාලික පදනම මත තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ කටයුතු සඳහා බඳවා ගත් බව මෙම පිරිස පවසනවා. එහෙත්, මාස 3 ක කාලයකින් පසු පොරොන්දු වූ පරිදි තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා නොගෙන වෙනත් පිරිසක් ඊට බඳවාගෙන ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
