වෛද්‍ය පර්යේෂණාගාර කාර්මිකයන්ගෙන් අනතුරු ඇඟවීමක්.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 04:52
ප‍්‍රමුඛතා ලැයිස්තුව නොසලකා සෞඛ්‍ය බලධාරින් රජයේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මිකයන්ට නව පත්වීම් ලබාදී ඇතැයි චෝදනාවක් එල්ල වනවා. රජයේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යා සංගමයේ සභාපති ජානක නිශාන්ත හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විභාග ලකුණු අනුව, ප‍්‍රමුඛතා ලැයිස්තුවේ අවසානයේ සිටින පුද්ගලයෙකු දේශපාලන සහය මත තම ස්ථාන මාරුව වෙනස් කර ගෙන ඇති බවයි. එය වැළැක්වීමට කටයුතු නොකළහොත් වෘත්තීය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
