කහවත්තේදී ඝාතනය වූ මව සහ දියණියගේ අවසන් කටයුතු අද.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 05:15
කහවත්ත - කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකදී ඝාතනය කර පුළුස්සා දැමුණු කාන්තාවන් දෙදෙනාගේ භූමදාන කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරුණු අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. පෙරේදා දිනයේ මෙලෙස ඝාතනය කර තිබුණේ තනිව ජීවත් වූ මවක සහ දියණියකයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ රහස් පොලිසියට භාර දී තිබෙනවා.
