කොංග‍්‍රසයෙන් කරුණානිධිට විරෝධය.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 06:32
තමිල්නාඩු විපක්ෂ නායක මුත්තුවේල් කරුණානිධිගේ ඊළමක් සඳහා වූ ටෙසෝ සංවිධානයේ කි‍්‍රයාකාරිත්වයට ඉන්දීය කොංග‍්‍රසය සිය විරෝධය පළ කර තිබෙනවා. කරුණානිධිගේ මෙම කි‍්‍රයා කලාපය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ හැඟීම් විකෘතිවන බවයි ඉන්දීය කොංග‍්‍රසයේ තමිල්නාඩු ප‍්‍රාන්ත නායක එම්.යුවරාජා සඳහන් කර ඇත්තේ. යුද්ධය නිමාවීමෙන් අනතුරුව, ශ‍්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති වී තිබෙන අතර නැවත පදිංචි කිරිමේ කටයුතු සාර්ථකව සිදුවනවා. මෙවැනි අවස්ථාවක එම වැඩපිළිවෙළ සඳහා ශ‍්‍රී ලංකා රජයට සහයෝගය දැක්වීම යුතුකමක් බවයි ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ තමිල්නාඩු ප‍්‍රාන්ත නායකයා සඳහන් කර ඇත්තේ. ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය මේ වෙනුවෙන් පෙනී සිටින අතර කරුණානිධිගේ මෙම කි‍්‍රයා කලාපයට විරෝධය පළ කරන බවයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ. කරුණානිධිගේ ඊළමක් සඳහා වූ ටෙසෝ සංවිධානය අගෝස්තු 12 වැනිදා විශේෂ සමුළුවක් කැඳවා ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
