විශ්වකාලීන සමාලෝචන වාර්තාව හෙට ජිනීවා නුවරට.
2012 ජූලි 22 ඉරිදා- පෙරවරු 07:44
මෙරට මානව හිමිකම් පිළිබඳ විශ්වකාලීන සමාලෝචන වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත හෙට (23) භාරදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිටත් එම වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි. ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු වහාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ වෙත භාරදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියා.
