ඉන්දියාවට ලකුණු 21 ක ජයක්.
2012 ජූලි 22 ඉරිදා- පෙරවරු 08:00
සංචාරක ඉන්දීය කණ්ඩායම, ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග හම්බන්තොට සූරියවැව කී‍්‍රඩාංගනයේ ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 21 ක් ජයක් ලබා ගත්තා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත්තා. එහිදී විරාත් කෝලි ලකුණු 106 ක් සහ විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 96 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණු 70 කට කඩුළු 03 ක් දවා ගත්තා. ලකුණු 315 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිය පන්දුවාර පනහ අවසානයේ කඩුළු 09 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 293 ක් පමණයි. කුමාර් සංගක්කාර ලකුණු 133 ලබා ගත්තා. එම ශතකයත් සමග සංගක්කාර 2012 වසරේ ලකුණු දහස ඉක්මවූ පළමු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩකයා බවට පත්වුණා.
