Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
Sunday, 22 July 2012 - 10:20
චීනයට මහ වැසි - වැසි අනතුරුවලින් දස දෙනෙකු මරුට.
3

Shares
443

Views


චීනයේ බීජිං නුවරට වසර 60 කින් ලැබුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එහි විශාල ජල ගැල්මක් ඇති වී තිබෙනවා. ඊයේ (21) දිනයේදී බීජිං නුවර ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යට වී තිබූ බවයි වාර්තා වන්නේ. වැසි අනතුරුවලින් පුද්ගලයන් දස දෙනෙකු මරු මුවට පත්වු අතර, අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළේ දහස් ගණන් ජනයා අතරමංව සිටින බව සඳහන්. වහල කඩා වැටීම, අකුණු සැර සහ කඩා වැටුණු විදුලි මාර්ගවලින් විදුලිසැර වැදීම අනතුරුවලට හේතුවයි. ජල ගැල්ම හේතුවෙන් බීජිං නුවර සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් 500 ක් පමණ අවලංගු කරනු ලැබුවා. පැය 24 ක කාලයක් තුළ බීජිං නුවර ෆන්ෂාන් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 460 ක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,049 Views
56,380 Views
Top