කොටකෙතන පොලිස් මුරපොලට වැඩිපුර පොලිසිය.
2012 ජූලි 22 ඉරිදා- පස්වරු 12:21
පසුගියදා ද්විත්ව ඝාතනයක් සිදුවු කහවත්ත - කොටකෙතන ප‍්‍රදේශයේ පිහිටා තිබෙන පොලිස් මුරපොලේ නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම පොලිස් මුරපොල සඳහා අමතර පොලිස් නිලධාරීන් 05 දෙනෙක් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා. මෙම පොලිස් මුරපොලෙහි මේ වනවිට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් රාජකාරී සඳහා යොදවා තිබෙනවා. පසුගියදා කොටකෙතන ප‍්‍රදේශයේදී මවක් සහ දියණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පුළුස්සා දමා තිබුණා. මෙම ඝාතනය සිදුවු නිවසට මීටර් 50 ක් පමණ දුරිනුයි කොටකෙතන පොලිස් මුරපොල පිහිටා ඇත්තේ. කෙසේ වෙතත්, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. ලැබී ඇති තොරතුරු ඔස්සේ තවදුරටත් පරීක්ෂණ කටයුතු කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.
