වගකීම ආණ්ඩුවටයි - අන්තරේ කියයි.
2012 ජූලි 22 ඉරිදා- පස්වරු 01:08
තම ගැටළුවලට තවමත් නිසි විසඳුමක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශ කළා. එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග කළ සාකච්ජාලින් නිසි විසඳුමක් මෙතෙක් නොලැබුණු බවයි. ඒ හේතුවෙන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති කි‍්‍රයා මාර්ගයේ තවදුරටත් නිරත වන බවයි සභාපතිවරයා කියා සිටියේ.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි. එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.
