උපාධිධාරීන්ගේ දැනුම නංවන්න තරඟයක්.
2012 ජූලි 23 සඳුදා- පස්වරු 01:29
ලෝකය පුරා සිටින උපාධිධාරීන්ගේ ව්‍යාපාරික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් සිමා ආයතනය විසින් තරඟයක් ආරම්භ කර තිබෙනවා. අද (23) කොළඹදී ආරම්භ වන මෙම තරඟයට මෙවර දායකත්වය සපයනු ලබන්නේ ශ‍්‍රී ලංකාවයි. ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, මලයාසියාව, නවසීලන්තය සහ පකිස්ථානය ඇතුළු තවත් රටවල් රාශියක උපාධිධාරීන් මේ සඳහා සහභාගි වනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් හිරු ප‍්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිළි කරන එම ආයතනයේ කලාපීය අධ්‍යක්‍ෂක සහ දකුණු ආසියාව භාර කළමනාකරු බ‍්‍රැඞ්ලි එමර්සන්.
