ඔලිම්පික් නිසා ලන්ඩන් නුවර තදබදයක්.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 12:48
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සියලූ කටයුතු මේ වන විට සූදානම් කර අවසන් බව ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් පවසනවා. අද (27) ආරම්භ වන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීම සඳහා බි‍්‍රතාන්‍යයේ විවිධ පළාත්වලින් පැමිණි ජනතාව සහ ලොව විවිධ රටවලින් පැමිණි ජනතාව හේතුවෙන් ලන්ඩන් නගරයේ බලාපොරොත්තු නොවූ තදබදයක් ඇති වී ඇති බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය ප‍්‍රකාශ කළා. එමෙන්ම මෙවර ඔලිම්පික් උළෙල රූපවාහිනිය හරහා ලොව පුරා බිලියනයකට ආසන්න ජනතාව නරඹනු ඇති බවයි ඔලිම්පික් උළෙලේ ප‍්‍රධාන සන්නිවේදන සහකරු වන බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය පවසන්නේ. ඔලිම්පික් සමාරම්භක උළෙලට සහභාගිවීම සඳහා ලෝක නායකයන් ද දැන් බි‍්‍රතාන්‍ය වෙත පැමිණෙමින් සිටිනවා. ග‍්‍රීසිය, ජර්මනිය සහ ප‍්‍රංශය යන රටවල නායකයන් මෙන්ම ඇමෙරිකානු රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක මිට් රොම්නි ද දැන් සිටින්නේ ලන්ඩන් නුවරයි. ඔවුන් වෙනුවෙන් බි‍්‍රතාන්‍ය මහරැුජින විසින් බකිංහැම් මාලිගයේදී රාජකීය සාදයක් ද සංවිධානය කර තිබෙනවා. ලොව පුරා සැරිසරමින් ලන්ඩනයට රැගෙන ආ ඔලිම්පික් ගිනි සිළුව අවසාන වටයේදී රැගෙන යනු ඇත්තේ සුප‍්‍රකට එංගලන්ත පාපන්දු ක‍්‍රීඩක ඬේවිඞ් බෙකම් විසින්. ඔලිම්පික් පන්දම බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින වෙත භාර දෙනු ඇත්තේ ඔහුයි.
