අවි වෙළඳාම පාලනයට ජාත්‍යන්තර සම්මුතියක්.
2012 ජූලි 27 සිකුරාදා- පස්වරු 12:54
ජාත්‍යන්තර අවි වෙළඳාම පාලනය කිරීම සඳහා ලෝක සම්මුතියක් ඇති කර ගැනීමේ කාල විරාමය අදින් අවසන්වනවා. ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් ලෝකයේ සියලූ රටවලින් ඉල්ලා සිටියේ එවැනි සම්මුතියක් සඳහා එක්වන ලෙසයි. මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවති සාකච්ඡා මුළුමනින්ම ප‍්‍රතිඵලදායක වූයේ නැහැ. කෙසේ නමුත්, ජාත්‍යන්තර අවි වෙළඳාම පාලනය කිරිමේ සම්මුතියක් කඩිනමින් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි රටවල් රැසක්ම විශ්වාසය පළ කරනවා. ලොව අවි වෙළඳාමේ වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 70 කට ආසන්නයි. ඇමෙරිකාව සහ රුසියාව ලොව ප‍්‍රධානතම අවි අපනයනකරුවන් වන අතර ජර්මනිය, ප‍්‍රංශය සහ එක්සත් රාජධානිය මී ළඟට විශාලතම අවි අපනයනයකරුවන් වනවා. නීති විරෝධී ගිනි අවි මැඩලීම ද නව ජගත් සම්මුතියක ප‍්‍රධාන අංගයක් වනු ඇති. නීති විරෝධී අන්දමින් ලොව සංසරණය වන අවි ආයුධ නිසා වාර්ෂිකව මියයන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ පනස් දහසකට ආසන්නයි.
