වර්ණවත් ලන්ඩන් ඔලිම්පික් සැණකෙලිය ඇරඹේ.
2012 ජූලි 28 සෙනසුරාදා- පෙරවරු 07:49
30 වන ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය ආරම්භ කෙරුණු බව බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිණ ඊයේ ප‍්‍රකාශයට පත් කළා. ඒ, ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩාංගණයේ දී තරුණ බි‍්‍රතාන්‍ය ක‍්‍රීඩකයින් 7 දෙනෙකු විසින් ඔලිම්පික් පහන දැල්වීමට පෙරයි. බි‍්‍රතාන්‍යයේ අධිරාජ්‍යවාදී ඉතිහාසය, දේශ ගවේෂණය සහ හිරු නොබසින අධිරාජ්‍ය ලෙස නම් දරා සිටි බි‍්‍රතාන්‍යයේ කිතුගොස පිළිබිඹු කරන සංදර්ශනයකින් සමාරම්භක උළෙල වර්ණවත් වුණා. නූතන බි‍්‍රතාන්‍යයේ කැපී පෙනෙන චරිත වන පාපන්දු ක‍්‍රීඩක ඬේවිඞ් බෙකම් මෙන්ම මිස්ටර් බීන් සහ ජේම්ස් බොන්ඞ් චරිත වලට පණ පෙවූ පුද්ගලයින් ද සමාරම්භක උළෙලේ දී කැපී පෙනුණා.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට පිහිනුම් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ හෙෂාන් උනම්බුවයි. ඔහු තරගාවලිය පිළිබද සිය අදහස් පළ කළේ මේ අයුරින්.
බැඞ්මින්ටන් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරන තිලිණි ජයසිංහ ද සිය අදහස් මෙලෙස විස්තර කළා.
