යේ ජවානි හේ දිවානි
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 12:41
වෙන්වුණ දෙන්නෙක්ව ආපහු එකතු කරයි වගේ. අපි මේ කිව්වේ චිත‍්‍රපටියේ කථාව නම් නෙමේ. ඒකේ රඟපාන දෙන්නා ගැන රන්බීර් කපුරුයි දීපිකා පදුකෝනුයි.
මේ දෙන්නගේ ආදර සම්බන්ධය නතර කළාට පස්සේ එකට රඟපාන පලවෙනි චිත‍්‍රපටිය තමයි මේ. යේ ජවානි හේ දිවානි අධ්‍යක්‍ෂණය කරන්නේ අයන් මුඛර්ජි. නිෂ්පාදනය කරන්නේ කරන් ජොහාර්. ඒ දෙන්නත රන්බීරුයි දීපිකයි ආපහු එකතුවෙනවට කැමතියි වගේ. රන්බීරුයි දීපිකයි අමිතාබ් බච්චන්ගේ හොඳ රසිකයෝ. ඉතින් කරනුයි අයන් මුකර්ජීයි තීරණය කරලා අමිතාබ්ගේ පරණ චිත‍්‍රපටියක සිංදුවක් මේ ගොල්ලන්ගේ චිත‍්‍රපටියට ගන්න. ඒ අර දෙන්නට ආපහු ඒගොල්ලෝ ආදරේ මතක් කරලා දෙන්නලූ.
