ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ෆෙල්ප්ස් පරදියි.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 01:08
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ප‍්‍රථම තරඟ දිනය නිමාවේදී රන් පදක්කම් 4 ක් සමග පදක්කම් 6 දිනූ චීනය පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටිනවා. රන් පදක්කම් 2 ක් දිනූ ඉතාලිය දෙවන ස්ථානයේ පසුවන අතර ඇමරිකා එක්සත් ජනපදය බ‍්‍රසීලය සහ දකුණු කොරියාව රන් පදක්කම බැගින් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙලේ පිහිණුම් තරඟ ඊයේ ආරම්භ වූ අතර එහි කැපීපෙනෙන සිද්ධිය වන්නේ මීට පෙර ඔලිම්පික් රන් පදක්කම් 8 ක් ජයග‍්‍රහණය කළ ඇමරිකා එක්සත් ජනපදයේ මයිකල් ෆෙල්ප්ස්, තවත් ඇමරිකානු ක‍්‍රීඩකයකු වන රයන් ලොච්ට් අතින් පරාජයට පත්වීමයි. පිහිණුම් ඉසව්වේදී මයිකල් පෙල්ප්ස්ට හිමිවූයේ 4 වන ස්ථානයයි. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලෙන් පසු කණ්ඩායම් තරඟයකින් රන් පදක්කමක් ජයග‍්‍රහණය නොකළ ඇමරිකා එක්සත් ජනපදය අද පැවැත්වෙන ජිම්නාස්ටික් කණ්ඩායම් තරඟවලදී ඒ සඳහා උත්සාහයක නිරතවනු ඇති. දුනු විදීමේ තරඟ වලින් 1988 වසරට පසු දකුණු කොරියාව රන් පදක්කමක් හිමිකරගත්තා. පැසිපන්දු, බොක්සිං සහ වොලිබෝල් තරඟ මෙන්ම බැඞ්මින්ටන් තරඟද අද පැවැත්වීමට නියමිතයි. එහිදී කාන්තා කේවල ඉසව් සඳහා ශ‍්‍රී ලංකාවේ තිලිනි ජයසිංහ අද තායිලන්ත ක‍්‍රීඩිකාව සමග තරඟ වදිනු ඇති.
