ෆිච් රේටිං ලංකාවට අනතුරු අඟවයි.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 02:32
විදේශ වෙළඳපොලට නිකුත් කෙරුණු ස්වෛරීත්ව බැඳුම්කර හරහා ශී‍්‍ර ලංකාවට ගලා එන විදේශ මුදල් ප‍්‍රවාහය හමුවේ ලක් රජය සහ මෙරට ව්‍යාපාරික ආයතන අවදානම් කළමනාකරණ පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බව ෆිච් රේටින් ආයතනය පවසනවා. ස්ථාවර විදේශ මුදල් හුවමාරු වෙළඳපොලක් මෙරට නොපැවතීම ඊට හේතුවයි. විශේෂයෙන් වාණිජ බැංකු මෙම අවදානම දැරිය යුතුයි. විශාල අපනයනකරුවන් මෙම වාණිජ බැංකුවල ගණුදෙනුකරුවන් වන අතර, මහා පරිමාණ සමාගම්ද විදේශ මුදල් ප‍්‍රවාහයට මුහුණදීම සඳහා අවදානම් කළමනාකරණ විධි අනුගමනය කළ යුතුයි. 2007 වසරේ සිට ශී‍්‍ර ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර විකිණීමෙන් ඩොලර් බිලියන 04 කට වැඩි මුදලක් උපයනු ලැබුවා. මේ මස මුලදී ඉදිරිපත් කෙරුණු වසර 10 කින් සපිරෙන ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවට දස ගුණයකට වැඩි ඉල්ලූමක් හිමිවුණා. මහා පරිමාණ විදේශ විනිමය ගලනය රුපියලේ අගය කෙරෙහිද ඍජු බලපෑමක් ඇති කළ හැකි බවද වෙළඳපොල විචාරකයන් පෙන්වා දෙනවා.
