වරායේ ගමන් දොඹකර 17ක් ඇණ හිටී.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 06:28
කොළඹ වරායේ ජයබහාලූම් පර්යන්තයේ බහාලූම් එසවීම සඳහා යොදා ගන්නා ගමන් දොඹකර 17ක් අක‍්‍රිය වී ඇති බව වාර්තා වනවා. දින කිහිපයක සිට මෙම ගමන් දොඹකර විටින් විට අක‍්‍රිය වෙමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. අක‍්‍රිය වූ මෙම ගමන් දොඹකර පසුගිය දා චීනයෙන් මෙරටට ආනයනය කළ ඒවා බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. දැනට කොළඹ වරායේ ජයබහාලූම් පර්යන්තයේ ගමන් දොඹකර 70ක් පමණ පවතිනවා. මීට ආසන්න දිනකදීයි චීනයෙන් දොඹකර රථ 30ක් ආනයනය කර ඇත්තේ. කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සඳහන් කරන්නේ ගමන් දොඹකර සඳහා යොදා ගන්නා ලද ඉන්ධනවල ගැටළුවක් හේතුවෙන් මෙම අක‍්‍රියවීම් සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවයි. එහෙත් ඒ පිළිබදව අවසන් තීරණයකට එළඹිය හැක්කේ සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව බව ද එම වෘත්තීය සමිති වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය ජයබහාලූම් පර්යන්තයේ ප‍්‍රධාන ඉංජිනේරුවරයාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ එවැනි අක‍්‍රියවීමක් තමන් වෙත වාර්තා වී නොමැති බවයි.
