එක නිවසකට පොල් පැළ 2ක්.
2012 ජූලි 29 ඉරිදා- පස්වරු 06:57
දිවිනැගුම, වැඩසටහන යටතේ එක් නිවසකට පොල් පැළ 2 ක බැගින් පැළ 75,383 ක් ප‍්‍රතිලාභීන් 37,696 දෙනෙකු අතර බෙදා දීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිදුකරනු ලබන මෙම කාර්යයේ දී වගා කිරීමට අපේක්ෂිත බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 476 ක්. ඉඩම් අක්කර 2 යි දශම 5 ට වැඩි පොල් ඉඩම් හිමියන්ට අවශ්‍ය කරන සියලූ පොල් පැළ නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මේ යටතේ අක්කර 1285 යි දශම 7 යි 5 ක බිම් ප‍්‍රමාණයක් හඳුනාගැනීමට කටයුතු කර ඇති බව සඳහන්. කටුවන, තිස්සමහාරාම, අඟුණකොලපැලැස්ස, අම්බලංතොට, හම්බන්තොට, සූරියවැව, බෙලිඅත්ත සහ වීරකැටිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප‍්‍රතිලාභීන් 678 දෙනෙකුට මේ අනුව, පොල් පැළ බෙදා හැරීමටයි ඉදිරියේදී කටයුතු යොදා ඇත්තේ.
